Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ වැඩකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

2 years ago

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති වාහනවල තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක පැවති බවයි.

එලෙස ටෙන්ඩර්වල තක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබාදී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත්  පවසයි.

එම වාහන වෙන්දේසිය නැවත පවත්වන ලෙස එම ව්‍යාපාරය ඉල්ලා සිටිනවා.