Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති නියමයෙන් නව පත්වීම් කිහිපයක්

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ.

එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර ඇත.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාව  ජනපති නියමයෙන් ඒ සඳහා පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, ජනපති නියමයෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කර තිබේ.

මීට අමතරව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර තිබේ.‍

ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා එම ධුරය සඳහා පත් කරනු ලැබ ඇත.

කෝලිත කමල් ජිනදාස  මහතා දකුණු ආසියානු කලාපීය එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති කාර්යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයෙකු ලෙසද, ධීවර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත.

ඔහු රසායනික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිධාරියකු ද, ආහාර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකු මෙන්ම ධීවර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු ද වෙයි.

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වන ලදී.