Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් සඳහා දැනුම්දීමක්! සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් හෙට වර්ජනයක!

1 year ago

ගැටලු පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට (22 වැනිදා) උදෑසන අටේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

උසස්වීම්වලට අදාළ ගැටලුව, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලුව, වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම එම ගැටලු වේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන්, වෘත්තීය චිකිත්සකවරුන්, කථ චිකිත්සකයන් ඇතුළු වෘත්තීන් හතක් මෙම වැඩවර්ජනය සඳහා එක්වන බව රජයේ විකිරණ විද්‍යා හා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කළද සෞඛ්‍ය ඇමතිවරයාට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

ඒ අනුව වැඩ වර්ජනයකට එළඹෙන බවට සඳහන් කරමින් සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන ලද ලිපිය මගින් පෙන්වා දෙන්නේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා මැදිහත් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවය.

ළමා රොහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවද රවී කුමුදේෂ් මහතා සඳහන් කළා.