මාර්ග අනතුරු අවම කර ගැනීම මෙන්ම විධිමත් ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් එළැඹෙන ජූලි 01 වැනිදා සිට නව නීති රීති හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඊයේ(21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම ඊයේ සිට ආරම්භ වූවා.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල හා මීරිගම අතර කොටසේ පිටවීමේ කොටසේදී බැංකු කාඩ්පත් මගින් මෙලෙස ගාස්තු ගෙවීම සිදුකළ හැකියි.
ඒ අනුව අන්තර් හුවමාරු 35ක හා පිටවීම් ගේට්ටු 119කදී ඒ සඳහා පහසුකම් සලසා ඇත.
