Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුදලට ලොල් වී අල්ලස් ලබා ගැනීමට ගිය පොලිස් OICට අත් වූ ඉරණම

1 year ago

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් මෙලෙස මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබෙනවා.

එම අල්ලස් මුදල ලබාගැනීමට ගිය අවස්ථාවේ දී පොලිස් ස්ථානාධිපතිවරයාව, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙහෙයවයි.