Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට අත්හිටවූ සිර දඬුවම් නියම කරයි

1 year ago

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් දාසය කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුලු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීර කුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙනවා.

එමෙන්ම විත්තිකරුවන්ට රුපියල් 25000 බැගින් දඩ මුදල්ද නියම කර තිබෙනවා.

එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම සිර දඬුවම වසර 10 කට අත්හිටුවන බවත් නියෝග කළා. 

දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරිණ ලෙසත් විනිසුරු වරයා නියෝග කළා.