Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දයාසිරි ජයසේකරගේ හැසිරීම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

1 year ago

සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා

එහිදී කතානායකවරයා සඳහන් කළේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් විමර්ශනය සඳහා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවයි.

එම විමර්ශන කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නම් කර තිබෙනවා.