පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වා නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සදහන් කරයි.
ඒ අද (23) පාර්ලිමේන්තුවේදීය.
පානීය ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
මින් පෙර වාර්තා වූයේ විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තුවෙහිද සංශෝධනයක් සිදු විය හැකි බවයි.
