Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

1 year ago

ලබන 20වනදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍රලේඛය පසුගිය අප්‍රේල් 08වනදා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මේ යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022ක් පිහිටුවීමට නියමිතය.