ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙමින් ඇති ලෝක රූ රැජින තරගයට සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටින අනුදි ගුණසේකරට සහාය ලබා දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් හරහා සියළු පොලිස් නිලධාරීන්ට දැනුවත් කර ඇත.
ඒ අනුව, විශේෂ ලිපියක් නිකුත් කරමින් පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ සියළුම පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත පොලිස් නිළධාරින්ගේ සහය ලබා ගැනීම තුලින් ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට විශාල බලපෑමක් එල්ල කල හැකි බවට විශ්වාස කරන බවයි.
අනුදි ගුණසේකර පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණිය වන අතර ඇගේ ජනප්‍රියභාවය ඉහළ නංවන ලෙසත් දන්වා ඇති එම ලිපිය ඊට අදාල මාර්ගෝපදේශද දක්වා ඇත.

