Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිළි රැජින මාලනීයගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව විශේෂ නිවේදනයක්

1 year ago

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

ඒ අනුව, ඇයගේ දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අද (26) ප.ව. 3.00 දක්වා කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී අවස්ථාව සලසා දී ඇත.

එමෙන්ම, ප.ව. 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

පසුව, බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සහ ඉන් අනතුරුව පැවිදි අනුශාසනාව සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් සිදුකරනු ලබන විශේෂ ඇගයීම සිදුකෙරෙන අතර අවසානයේ ප.ව. 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදුවේ.

ඉන් අනතුරුව පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමකිරීමට නියමිතය.