Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕමන්තේ බිහිසුණු රිය අනතුරක්! කථිකාචාර්යවරිය ගමන්ගත් කාර් රථය කුඩු පට්ටම් වෙයි! (ඡායාරූප)

1 year ago

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.

මහනුවර සිට යාපනය දක්වා ගමන් ගත් මෝටර් රථයක් හා යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලිසිය සැක පළ කරන අතර අනතුරින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන බවයි වාර්තා වන්නේ.

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්, ඇයගේ සැමියා හා දරු දෙදෙනා මෙම මෝටර් රථයේ ගමන් කර ඇති බව සඳහන්.

ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

The copyright of the photos belongs to the original owner.