Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිවිල් පුද්ගලයෙකුට ඇගේ හයිය පෙන්නූ පොලිස් නිළධාරියෙකුගේ වැඩ තහනම් කරයි

1 year ago

ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ පසුගිය 24 වනදා රාත්‍රියේ ගොකරැල්ල ඉබ්බාගමුව-මඩගල්ල මාර්ගයේ අදාළ පොලිස් සැරයන්වරයා හා පුද්ගලයෙකු අතර බහින්බස්වීමක් අතරතුරදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙනි. 

එහි වීඩියෝ දර්ශන පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය විය.

යතුරුපැදිකරු පසුපස ගමන් කළ කාන්තාවක් සමඟ අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් නවතා පරීක්ෂා කළ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී බහින්බස්වීමක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් සැරයන්වරයා යතුරුපැදිකරුට පහරදීමට උත්සාහ කළ බව වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.