Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද දහවල් අධ්‍යාපන අමාත්‍යංශයේ උණුසුම් තත්වයක්! ගුරුවරුන් පිරිසක් විරෝධතාවයක!

1 year ago

මහජන දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාව‍යක නිරත වූවා.

ඒ අනුව, තමන් අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි අදාළ ගුරුවරුන් සඳහන් කරන්නේ.

ජාතික පාසල්වල වසර 3ක ස්ථීර සේවා කාලයක් අවසන් කළ ගුරුවරුන්ට සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙසත්, මෙම වසරේ මෙය කප්පාදු කළහොත් ඉදිරියේදී කිසිම ගුරුවරයෙක්ට මෙම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.