හෙරොයින් සන්තකයේ තබාගත් බව කියන කලක් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කලක් වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කළ ෂෙහාන් මධුසංඛව ජූනි 01 දක්වා රඳවාගෙන ප්රශ්න කිරීම සඳහා කුලියාපිටිය අධිකරණය රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ පන්නල පොලිසියෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.
නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු පුටු සැටියකට මුවා වී සිටි බවත් සැකකරුට අයත් ක්රීඩා කුසලාන පිරික්සීමේදී එම හෙරොයින් තොගය සොයාගත් බවටත් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය ඉල්ලාසිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බැවින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටින බවයි.
සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය දන්වා සිටියේ මින් පෙර අවස්ථාවකදීද සැකකරු හෙරොයින් ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ බවයි.
