Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

15,000කට අලුතින් රජයේ රැකියා ලබා ගැනීමට අවස්ථාවක්

1 year ago

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කර ඇති නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් (02) මගින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒකක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම නිර්දේශ කර තිබුණා. 

ඒ අනුව, එම වාර්තා මඟින් නිර්දේශිත බඳවා ගැනීම සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන දී තිබෙනවා.