පසුගිය 11 වනදා නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ.
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.
එම අනතුරින් මගීන් 23 දෙනෙකු මියගිය අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබීය.
මෙම අනතුර සම්බන්ධයෙන් 6 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් විසින් විමර්ශන සිදු කළේය.
ඔවුන් ස්ථානීය පරීක්ෂණ මෙන්ම කොත්මලේ පොලිස් ස්ථානයේදී අනතුරට ලක්වූ බස් රථයද පරීක්ෂාවට ලක්කළ බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඔවුන් පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය, නීත්‍යානුකූලභාවය ආදී කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමුකර තිබේ.
අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමනයට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා ඇති බවට අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් අනතුරට හේතුවූ සියලු කාරණා සඳහා එම රියදුරු තනිව වගකිවයුතු නොවන බවද එම පරීක්ෂණ මණ්ඩලය මෙහිදී පෙන්වා දී ඇත.




