Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි

1 year ago

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කර 2018 අග භාගයේ දී අත්තනායක එම්. හේරත් මහතා විශ්‍රාම දිවියට එළැඹුණා.

පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියා. 

දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.