බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති මෙන්ම හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටු වෙත යොමු කර තිබෙනවා.
ඊයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් පැනවූ අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කෙරුණා.
ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.
සිරදඩුවම්වලට අමතරව නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබුවා.
මේ අතර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසුකමක් හිමිව නැත.
