ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (30) දින ගල්කිරියාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවකට අදාළ වීඩියෝවක් සම්බන්ධයෙන් සාවද්‍ය වාර්තාකරණයක් පළවී තිබීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුරදී, ප්‍රදේශවාසීන් සමඟ සිදු වූ සංවාදයකදී ජනාධිපතිතුමා කලක් එහි පදිංචිව සිටි කාලයේ ඔවුන්ට ගණිතය විෂයය ඉගැන්වූ ආකාරය පිළිබඳව එතුමා සමග ස්මරණය කරමින් සාකච්ඡාවක යෙදෙන ආකාරය දක්නට ලැබුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සඳහන් කළේ, මෙම වීඩියෝව “Hiru News” ෆේස් බුක් පිටුව ඔස්සේ “බඩු වල ගණන්වලට තමයි මතක් වෙන්නේ” යන ශීර්ෂය යටතේ, ජනතාව නොමඟ යවන ආකාරයෙන් සාවද්‍ය ලෙස වාර්තා කිරීමක් සිදු කර ඇති බවයි.
මෙම වාර්තාව පිළිබඳව දැඩි කණගාටුවක් පළකරන එම දෙපාර්තමේන්තුව, වහාම එම පුවත නිවැරදි කරන ලෙසට එම නිවේදනය මගින් කරුණිකව ඉල්ලා සිට තිබෙනවා.
වගකීම් සහගත මාධ්‍ය ආචාරධර්මයකට අනුකූලව ක්‍රියා කරන ලෙසද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

