Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්? ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්

1 year ago

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිර යන පුවතෙහි කිසිඳු සත්‍ය තාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීමට හෝ කැබිනට් මණ්ඩලයට සංශෝධනයකට අදාළව කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුව නොමැති බවයි ඔහු සඳහන් කළේ.

අද (02) කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

නමුත් පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ අමාත්‍ය ධූර කිහිපයක් ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.