Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින්ට මුඛ ආවරණ පැළදීම අනිවාර්යද?

1 year ago

කාර්යාල තුළ මුඛ ආවරණ පැළදීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පවසයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ, “මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම” යන ශීර්ෂය යටතේ බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් නිකුත් කළ ලිපියකට ප්‍රතිචාරයක් ලෙසිනි.

ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරමින් ප්‍රධාන ලේකම්වරයා වෙතසෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලිපියක් යොමු කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් COVID 19 ගෝලීය වසංගතය වර්ෂ 2023 මැද භාගයේදී නිමා වීමෙන් පසුව ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ COVID 19 රෝගය ද අනෙකුත් බෝ වන රෝග ගණයට ඇතුළත් කර ඇති බව ද සඳහන් කර ඇත.

එබැවින් ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග තත්වයක් වැසි කාලයේ දී වැඩිවීමත් සමග COVID 19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බවත් පොදුවේ ගත් කළ ශ්වසන රෝග කළමණාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව සිදු කරන බව ද දක්වා ඇත.

එබැවින් COVID 19 වළක්වා ගැනීම ද විශේෂ අවදානම් තත්වයක් ලෙස දැනට සැලකීමට අවශ්‍යතාවයක් නොමැති බව ද මෙම අවස්ථාවේ දී මෙවැනි විශේෂිත ක්‍රියාමාර්ග පොදුවේ නිර්දේශ කිරීමෙන් අනිසි ප්‍රථිපල ඇතිවිය හැකි බව ද අදාළ ලිපියේ සඳහන් කර ඇත.