Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අර්චුනාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට රජයෙන් පිළිතුරු

1 year ago

පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

එම ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාද ප්‍රතිචාර දැක්වූ අතර එහිදී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.