පොසොන් සතිය තුළ අනුරාධපුර පාසල් කිහිපයක් ජුනි 07 වන දා සිට 12 වනදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අනුරාධපුර නගරය අවට ඇති අනුරාධපුර මධ්‍ය විද්‍යාලය , ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය විවේකානන්ද විද්‍යාලය , වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය , මහා බෝධි විද්‍යාලය , සහිරා විද්‍යාලය , දේවානම්පියතිස්ස විද්‍යාලය හා නිවත්තකචේතිය යන විද්‍යාලය යන පාසල් අට ඉහත දින වලදි වසා තැබේ.
මීට අමතරව මිහින්තලය අවට ඇති මිහින්තලේ මහා විද්‍යාලය , කම්මලක්කුලම විද්‍යාලය හා පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය යන පාසල් නතුනත් , තන්තිරිමලේ විමලඥාන විද්‍යාලයත් ජුනි 07 වනදා සිට 12 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත.
