Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චිකන්ගුන්යා පැතිරීම වැඩිම පළාත හෙළි වෙයි

1 year ago

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ මහතා පවසයි.

බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝගය වැඩි වශයෙන් වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විට හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම චිකුන්ගුන්යා රෝගයේදී වේදනා නාශක ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙසත් වේදනාව අවම කර ගැනීම සඳහා හැකි සෑම විටම පැරසිටමෝල් භාවිතයට ගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළේය.

එසේ ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රථිපල ඉතා දරුණු විය හැකි බව ඔහු අවධාරණය කළා.

එමෙන්ම ජලය, පළතුරු යුෂ, කැඳ, ජීවනි, වැනි ලවණ සහිත ද්‍රාවණ වන පානය කිරීමෙන් ඇතිවන විජලන තත්ත්වයන් වැළැක්වීමද ඉතා වැදගත් වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.