Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

school children

පාසල් දරුවන්ට භාෂා ඉගෙනීම අනිවාර්ය කෙරේ

1 year ago

හයවැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා දෙමළ සහ සිංහල භාෂාව ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස ඉගැන්වීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ අනුව හයවැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා සිංහල සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස දෙමළ භාෂාව ඉගෙනගැනීමටත්, දෙමළ සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස සිංහල භාෂාව ඉගෙනගැනීමටත් අනිවාර්ය කෙරෙනු ඇති බව අගමැතිනිය සඳහන් කළාය.

ගුරුවරුන්ට භාෂා ඉගැන්වීමට පුහුණුව ලබාදෙන තෙක් මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.