Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 7000ක බදු වංචාවක් සිදු කර කට්ටි පනිමින් සිටි හිටපු රාජ්‍ය ඇමතිගේ බිරිඳ අත්අඩංගුවට

1 year ago

හිටපු රාජ්‍ය අමාත්‍ය දිනේශ් කන්දගේ බිරිදවන කුෂානී නානායක්කාර යන අය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය විසින් සිදු කර තිබෙන රුපියල් ලක්ෂ හත් දහසද ඉක්ම වූ බදු වංචාවක් සම්බන්ධයෙනි.

අධ්‍යක්ෂවරියක වන නානායක්කාර මහත්මිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කිහිප වතාවක්ම අනතුරු ඇඟවීම් ලබා දී තිබියදීත්, වසර ගණනාවක් පුරා නැවත නැවතත් බදු ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.

දිගින් දිගටම එම නිවේදන නොතකා හරිමින් කටයුතු කර තිබෙන බැවින්, අවසානයේ දී ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව, පසුගිය සෙනසුරාදා දිනයේ දී, ඇය අත් අඩංගුවට ගැනීම සිදු වී තිබේ.

අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිළධාරීන් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම කාන්තාව පසුපස දොරෙන් පලා යාමට උත්සාහ දරා ඇති අතර, ඒ වන විටත් නිවස වටලා සිටි පොලිස් නිළධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.