බේරුවල ධිවර වරාය ආසන්නයේ දී බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 3 දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් බවටයි වාර්තා වන්නේ.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් තුන්දෙනා මේ වනවිට කලුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
බේරුවල ධීවර වරාය ආසන්නයේ ලොරි රථයක් මාර්ගය අවහිර වන ලෙස නතර කර තිබී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් එය ඉවත් කරගන්නා ලෙසට දැනුම්දී තිබුණා.
එහිදී දෙපාර්ශවය අතර ඇති වූ උණුසුම් තත්ත්වය මතයි ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබුණේ.
