Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොවිඩ් මරණ ගැන හෙළිදරව්වක්! මෙරටින් මරණ දෙකක්!

1 year ago

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා පවසනවා.

මෙරට ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය වැළඳී ඇති බවත්, මෙම කොවිඩ් ආසාදනය හානිකර තත්ත්වයන් ඉතාම අවම, අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බවයි ඔහු සඳහන් කළේ.

නමුත් අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙය බැරෑරුම් තත්ත්වයට පැමිණිය හැකි බවද, එවැනි පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලවීම් අවශ්‍ය නොමැති නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.