Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට! 18ක් රෝහලට! (ඡායාරූප)

1 year ago

බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇත.

එම අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුන් 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා බලන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර මෙම අනතුරට මුහුණ දී ඇත්තේ උසස් පෙළ පංතිවල ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක්.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.