ගුරු පත්වීම් ලබාදීම පිළිබඳ ව ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට හෙට (14) අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනවිය සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මගින් අද (13) දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් එළඹෙන සතියේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි.
ඔවුන් චෝදනා කර සිටියේ ජාතික ජන බලවේග රජයක් පත් කළේ සැමට සාධාරණත්වයෙන් යුත් අධ්‍යාපනයක් රට තුළ නිර්මාණය කිරීමට මිසක් අසාධාරණ අධ්‍යාපනයක් බිහි කරලීමට නොවන බවයි.
