Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ පුවත සම්බන්ධව පැහැදිලි කිරීමක්

1 year ago

2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස්වරයා පවසා සිටියේ පසුගිය දිනෙක ජාතික පුවත්පත් කිහිපයක ”2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට” යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.

 එමෙන්ම 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.