Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා රිය අනතුරකට ලක් වෙයි

1 year ago

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් කළ වාහනය අද පස්වරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.

පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති අතර එම අනතුරින් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වනවිට හටගෙන ඇති යුදමය තත්ත්වය  පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (18) පස්වරුවේ සභා ගර්භයේ නොසිටීම නිසා පාර්ලිමේන්තුව හෙට (19) පෙ.ව. 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා කටයුතු කළේය.

මෙම රිය අනතුර හේතුවෙන් ඔහුට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබුණි.