Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්

1 year ago

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළා. 

ඒ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින්. 

ඒ අනුව 2029 වසර සඳහා ද ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර 2029 වසරෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එළඹෙන 2028 වසරේ දී කමිටුවක් පත්කිරීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.