පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයින් 2,433 දෙනෙකු මෙතෙක් තම ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අදාළ පුද්ගලයින් පිළිබඳ පොලීසිය දැනුවත් කර ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 76,992ක් ඉදිරිපත් විය.
