Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු සියල්ල කියන්න! අල්ලස් කොමිසම ජනතාවගෙන් ඉල්ලයි!

1 year ago

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ  රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

අල්ලස් කොමිසම නිවේදන්‍යක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ප්‍රතිකාර ලබා අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාල තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙසයි.

ඒ අනුව 1954 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් ඔබට මෙම තොරතුරු  දැනුම්දීමේ හැකියාව පවතිනවා.