මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ අවදානය යොමුව තිබෙනවා.
“අද සිට බීමතින් රිය පැද්දොත් ලක්ෂ 05යි නැත්නම් අවුරුදු 02යි” යන්න සඳහන් මෙම ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
ඒ, අනුව පොලිසිය පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රචාරයක් බවත් එවන් නීතියක් මෙතෙක් ක්‍රියාත්මක නැති බවත්ය.
මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවද සඳහන් කළා.
