Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රටට ලබාදුන් පොරොන්දුව

1 year ago

ලංකාවේ වැඩිම අපනයන ආදායමක් ලබාගත් වසර බවට 2025 වසර පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එමෙන්ම මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වසර බවට ද මෙම වසර පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඊයේ (21) පස්වරුවේ පැවති කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

කුරුණෑගල, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළා.

පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරිමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.