Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝලීය තෙල් මිල ඉහළට! දේශීය තෙල් මිල ගැන තීරණයක්!

1 year ago

පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

මේ වනවිට මතුව ඇති යුද උණුසුම හමුවේ ගෝලීය ඉන්ධන මිල ද ගණන් අද ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පුරෝකථනය කරන්නේ ඉදිරියේදී තෙල් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ මෙම අවස්ථාවේ දේශීය වෙළෙඳපොළ තුළ තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවය.

කෙසේවෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි.

ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය.