Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැදපෙරදිග ගිය ශ්‍රීලංකන් ගුවන්යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙතට

1 year ago

මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යාන 05ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යවා තිබේ.

ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළට සහ ඩුබායි ගුවන්තොටුපොළට වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර රියාද් ගුවන්තොටුපොළ වෙත එක් ගුවන්යානයක් හරවා යවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර FitsAir ගුවන්යානයක් ඩුබායි වෙත හරවා යවා ඇත.

මෙම ගුවන්යානා කුවෙට්, අබුඩාබි සහ දෝහා වෙත පියාසර කළ ඒවා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ, කිසියම් ගුවන්යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බැමේ සඳහා ඉල්ලීමක් කළ හොත් මත්තල ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන්තොටුපොළ සූදානම් කර ඇති බවය.