මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේ තිබී වෙඩි වැදී මිය ගිය තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු සොයාගෙන ඇත.
මෙලෙස සොයාගෙන ඇත්තේ, වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන දෙදෙනෙකුගේ සිරුරු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
