Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින් 30,000කට රජයේ රැකියා! හිමිවන රැකියා අවස්ථා මෙන්න!

1 year ago

පසුහියදා හිමිවුණු කැබිනට් අනුමැතියට අනුකූලව රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

 ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ. 

එමෙන්ම කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනීම සිදුකරන අතර සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.