අද (26) අලුයම ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබුණි.
ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කිරීමත් සමග මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයකටයි මෙලෙස පෙරළී තිබෙන්නේ.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.
කන්ටේනර් රථය එසවීම සඳහා පෝක් ලිෆ්ට් රථ දෙකක් භාවිතා කර තිබුණා.





