Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පාසල් 168ක්! පාසල් 46ක ඩෙංගු!

1 year ago

දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පාසල් එකසියහැට අටක් (168) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය. එසේම ඩෙංගු මදුරුවන් බෝවී ඇති පාසල් 46ක් ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25 වැනිදා) ජාතික ඩෙංගු මර්දන සතියට සමාගාමිව පැවැති මාධ්‍ය හමුවේදියි.

ලබන 30 වැනිදා සිට ජුලිමස පස්වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කරන බවත් එසේ සතියක් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ඩෙංගු ශීග්‍ර ලෙස සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතින නිසා බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදි ප්‍රකාශ කළේය.

ඒ අනුව බස්නාහිර පළාත ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 111ක මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක වෙයි. මේවසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් විසිහත්දහස් නවසිය තිස්දෙකක් (27932) වාර්තා වී ඇති අතර ඉන් රෝගින් 16ක් මියගොස් තිබේ.