Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැලිගම ප්‍රදේශීය සභාව යුද පිටියක් වෙයි! මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුව පැහැරගෙන යයි!

1 year ago

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 22ක් තේරී පත්වී තිබුණි.