Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැදවූ රිය අධි බලැති විදුලි කණුවක ගැටෙයි

1 year ago

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර පැදවූ රථය හෙම්මාතගම නගරයේ අධි බලැති විදුලි රැහැනේ වැදීම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පසු මන්ත්‍රීවරයා මාවනැල්ල රෝහල් ගත කර ඇති අතර අනතුරින් විදුලි කණුවටද දැඩි හානි සිදුව තිබේ.

අනතුර ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ සිදුව තිබුණි.

අනතුරෙන් පසුව හෙම්මාතගම නගරයේ මෙන්ම අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වි ඇති අතර හෙම්මාතගම විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ විදුලි මාර්ගයට ඇද වැටි තිබු විදුලි රැහැන් ආරක්ෂිතව ඉවත් කර විදුලිය ලබා දීමට කටයුතු කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් අදහස් දැක් වූ රෝහල්ගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපයේ අඛණ්ඩව වෙහෙස වී කටයුතු කළ බැවින් තමන්ට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ තමන් පමණක් රථය තුළ සිටි බව මන්ත්‍රීවරයා සඳහන් කළා.