Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීති විරෝධී ලෙස ගෙන්වූ සුපිරි වාහන දෙකක් හමුවෙයි

1 year ago

නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට මෙම වාහන අයත් බවය‍.

ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙම වාහන දෙක අතරට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.