Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලුණුවලට පාලන මිලක් ?

1 year ago

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුන සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රතික්ෂේප කරනු ලබයි.

එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර නොපැවැත් වූ බව දන්වමින් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවේදී මතු වූ කරුණුද සැලකිල්ලට ගනිමින් නියම කල යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරනය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම් දීමෙන් අනතුරුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශකිරීමට අධිකාරිය කටයුතු කරන බව එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව දැනුම් දී තිබේ.