Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පැහැදිලි කිරීමක්

1 year ago

“බඩ ඉරිඟු නෑ. ත්‍රිපෝෂ ආයතනය වැහෙයි” යන සිරස්තලයෙන් පළ වූ පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ සභාපති අමල් අත්තනායක මහතා පවසන්නේ, මෙවැනි ප්‍රචාර හේතුවෙන් ත්‍රිපෝෂ ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ද අපහසුතාවට පත්වන බවයි.

සමාගමේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමක් සිදුකර නොමැති අතර යන්ත්‍ර සුත්‍ර පැය 24 පුරාම පූර්ණ ධාරිතාවෙන් ක්‍රියත්මක වන බවද සභාපතිවරයා පෙන්වා දෙනවා.

නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බඩ ඉරිගු සපයා ගැනිමේ තීන්දු තීරණ සෘජුව හා විනිවිදභාවයෙන් යුතුව ලබාගෙන සැපයුම්දාමය යථාවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බවද මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.