Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අසභ්‍ය වචන කිව්වොත් බලාගන්නම්! පොලිස් ෆේස්බුක් පිටුවෙන් නිවේදනයක්!

1 year ago

ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුමෙහි පළ කරන පණිවිඩවලට අසභ්‍ය වචනවලින් ප්‍රතිචාර දක්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙනවා.

ජනතාව දක්වන අදහස් විවේචන ආදියට ඔවුන් නිරතුරුව සවන් දෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය සිය නිවේදනය මගින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත්,  අදහස් ප්‍රකාශ කිරීමේදී සැමවිටම ඒවා සභ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.